
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවර්ධන නිලධාරි සේවයේ වාර්ෂික ස්ථාන මාරු හේතුවෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පුහුණුව ලත් නිලධාරීන් පිරිසක් අහිමිවීම පිළිබඳ වාර්තා වේ.
එම වාර්තා අනුව එම දෙපාර්තමේන්තුවට 2005 වසරේදී අධ්‍යාපන හා පර්යේෂණ සහකාර නිලධාරීන් ලෙස ජීව විද්‍යාව විෂය ධාරාව හැදෑරූ උපාධිධාරීන් 35 කට ආසන්න සංඛ්‍යාවක් බඳවාගෙන තිබේ.
අනතුරුව ඔවුන් දේශීය හා විදේශීය පුහුණු වැඩසටහන් සඳහා යොමුකර සංවර්ධන නිලධාරි සේවාවට අනියුක්ත කර ඇත.
ඔවුන්ගෙන් දෙපාර්තමේන්තුවට සැලසෙන සේවය සලකා බලා පැවැති පාලනාධිකාරිය ඔවුන් වෙනත් රාජ්‍ය ආයතන වෙත මාරුනොකර එම ආයතනය තුළම රඳවා තබාගැනිමට පියවර ගෙන තිබිණි.
කෙසේවෙතත් මේවනවිට ඔවුන්ගෙන් නිලධාරින් 26 දෙනෙකුට එකවර ස්ථාන මාරු ලබාදීමට සූදානම් වීම හමුවේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට සතුන් සම්බන්ධ විශේෂ පුහුණුව ලත් නිලධාරින් විශාල සංඛ්‍යාවක් අහිමිවීමේ අවදානමක් පවතී.
ඔවුන් වෙනුවට පැමිණෙන නිලධාරීන් සත්ව විද්‍යාව පිළිබඳ දැනුමක් නොමැති පිරිසක් බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විද්‍යාත්මක සේවා නිලධාරීහු පෙන්වාදෙති.
එමෙන්ම ඔවුන් චෝදනා කරන්නේ, ඇතැම් අත්තනෝමතික ක්‍රියා සඳහා සම්බන්ධ ඉහළ නිලධාරීන්ට විමර්ශන හෝ කිසිදු විනය ක්‍රියාමාර්ගයක් හෝ ස්ථාන මාරු නොමැති වුව ද මෙම සංවර්ධන නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීමට සූදානම් වීම අසාධාරණ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart