
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුත්තලම දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් දේශපාලඥයන් බලහත්කාරයෙන් අල්ලාගෙන විවිධ ව්‍යාපෘති සිදු කරන බවත් ඒවාට ගෙවිය යුතු බදු පවා නොගෙවන බවත් පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මයාදුන්න පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පෙරේදා (13) ප්‍රකාශ කළේය.
මෙම රැස්වීම වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්විණී.
එම අවස්ථාවට සහභාගි වු වයඹ පළාත් ඉඩම් කොමසාරිස් මාරී ප්‍රනාන්දු සඳහන් කළේ , එම දිස්ත්‍රික්කයේ ඉඩම්වලින් අයවිය යුතු රුපියල් දස කෝටි දෙලක්ෂ බදු මුදල තවමත් ගෙවා නොමැති බවයි.
එහීදී සම්බන්ධීකරණ කමිටු සභාපති මන්ත්‍රී චින්තක අමල් කියා සිටියේ පාර්ලිමේන්තුමේනතු මන්ත්‍රීවරයෙකු රජයේ ඉඩම් අක්කර 217 ක් අල්ලාගෙන ඇති බවත් ඊට අයවිය යුතු බදු මුදල් නිසි ලෙස ගෙවා නැති බවත්ය.
කරඹ අම්මාකෝට්ටම් ප්‍රාද්ශයේ පිහිටි අක්කර 217ක මෙම ඉඩම සඳහා තිබු බදු ගෙවීමේ කාලසීමාව අවසන්වී ඇති බැවින් එම ඉඩම වෙනත් අයෙකුට ලබා දීමට සභාපතිවරයා නිලධාරීන්ට දැනුම්දීමෙන් අනතුරුව සභාපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබේ .
එහීදි මන්ත්‍රී අලි සබ්රි රහීම් සඳහන් කළේ , එම ඉඩම තමාට අයිති බවත් ඉඩම සඳහා ගෙවිය යුතු බදු මුදල් ගෙවා ඇති බවයි.
මේ සම්බන්ධව කරුණ පැහැදිලි කළ කල්පිටිය ප්‍රාදේශිය ලේකම් නිලංග නන්දසේන ප්‍රකාශ කළේ , මෙම ඉඩමේ අක්කර 108 ක ලුණු කර්මාන්තතයක් සිදු කරන බවත්, ඒ සදහා ලක්ෂ 96 කට ආසන්න බදු අය කරගෙන ඇති බවත් , ඉතිරි අක්කර 109 සදහා බදු නොගෙවා ඇති බවයි.
ආණ්ඩුකාරවරයා විසින් ඉඩම සම්බන්ධ කරුණු සොයා බලා කටයුතු කරන ලෙසට පළාත් ඉඩම් කොමසාරිස්වරයාට නියෝග කරතිබේ.
(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart