
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි ඉන්දියාව සහ කැනඩාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික ගැටළු සම්බන්ධයෙන් අදහස් පළකරන්නේ, ඔහුගේ පුත්‍රයාගේ උපදෙස්වලට අනුවදැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමනික්කම් ප්‍රශ්න කරයි.
අලි සබ්‍රි ඇමතිවරයා මෙලෙස කැනඩාවට පහර ගැසීම නිසා දැනට කැනඩාවේ වාසය කරන සහ කැනඩාවට යෑමට සූදානමින් සිටින ශ්‍රී ලාංකිකයන්ට ගැටලුවලට මුහුණදීමට සිදුවන බවද රාසමනික්කම් මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, කැනඩාවට එරෙහිව අලි සබ්‍රි ඇමතිවරයා අදහස් දක්වා ඇත්තේ, රාජපක්ෂවරුන්ට එරෙහිව කැනඩාවෙන් එල්ලවන චෝදනාවලට පිළිතුරු වශයෙන් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart