
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාජ ස්ටිකර් ජාවාරම තවදුරටත් සිදු කළ හොත් අදාල මත්පැන් නිෂ්පාදන සමාගවල බලපත්‍ර අහෝසි කරන ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව නිර්දේශ කර තිබේ.
මත්පැන් බෝතල් නිෂ්පාදන පරීක්ෂාවට ලක් කිරීමේදී ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 44000 වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව සුරාබදු දෙපාර්තමේන්තුව කාරක සභාවට දැනුම් දුන්නේය.
ඊට අදාළ එක් සමාගමකින් අය කරගෙන ඇති දඩ මුදල රුපියල් මිලියන හතළිහකට ආසන්න වෙයි.
මෙහිදී සෑම මත්පැන් බෝතලයකින්ම රුපියල් 2900ක් බදු ලෙස රටට අහිමි වන බව ක්‍රම සහ විධි කාරක සභාවේ දී අනාවරණ විය.
එසේම අදාල නිෂ්පාදනාගාර බදු මුදල් නොගෙවන්නේ නම් ක්තෝබර් 20 දා වන විට බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන ලෙසත් උපදෙස් ලබාදී ඇත.
සුරාබදු කොමසාරිස්වරයාට තම කාර්යාලයේ සිටම මත්පැන් නිෂ්පාදනාගාර අධීක්ෂණය කළ හැකි ක්‍රමවේදයක් සැකසීමට ද එම කාරක සභාව නිර්දේශ ලබා දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart