
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා සීනි සමාගම නිෂ්පාදනය කරනු ලබන එතනෝල් මිලදී ගැනීම දේශීය කර්මාන්තශාලා විසින් ප්‍රතික්ෂේප කීරීමත් සමග මේ වනවිට ලංකා සීනි සමාගමේ ගබඩා තුළ එතනොල් ලීටර් දස ලක්ෂයක් එක්රැස් වී ඇති බව ලංකා සීනි සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ගාමිණී රාසපුත්‍ර පැවැසීය.
පසුගිය කාල සීමාවේදී ලංකා සීනි සමාගම මගින් නිෂ්පාදිත එතනෝල්, සංශුද්ධ එතනෝල් (සියයට සියයක්100%ක් එතනෝල්) නොවන බවත් එහි සැබෑවටම අඩංගු වන්නේ එතනෝල් සියයට 96.2ක් පමණක් බවටත් කර්මාන්තකරුවන්ගෙන් චෝදනා එල්ල වී ඇත.
එමෙන්ම එම එතනොල් තුළින් දුගඳක් නිකුත් වන බවද පවසමින් ඔවුන් එතනොල් මිලදී ගැනීමෙන් ඉවත් වී තිබේ.
ඒ සමග ලංකා සීනි සමාගමේ එතනෝල් අලෙවි නොවීමෙන් තවදුරටත් ගබඩා තුළ එතනෝල් ගබඩා කිරීමට නොහැකි වූ බවත් පවතින එතනෝල් නැවත පිරිසිදු කිරීම සඳහා සුරාබදු දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලීමක් සිදුකර දේශීය සමාගමක් සමග එතනොල් නැවත පිරිසිදු කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කළ බවත් ගාමිණී රාසපුත්‍ර සඳහන් කළේය.
(අරුණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart