
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අප්‍රිකානු සංගමයේ සාමසාධක හමුදා කඳවුරකට කඩාවැදුණු මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇතුළු අල්කයිඩා කණ්ඩායමක් පසුගිය සතියේ සෝමාලියාවේ සිදුකළ දින 04ක සටනකින් උගන්ඩා සොල්දාදුවන් 54දෙනකු මියගිය බව උගන්ඩා ජනාධිපති යොවේරි මුසෙවේනි සෙනසුරාදා(03) ප්‍රකාශ කළේය.
මේ අතර ප්‍රහාරය එල්ල කළ අල්-ෂබාබ් ත්‍රස්තවාදී කණ්ඩායම ප්‍රකාශ කර ඇත්තේ, මොගඩිෂු අගනුවරට කිලෝමීටර් 130ක් නිරිත දෙසින් බුලමරේර් නගරයේ දී උගන්ඩා සොල්දාදුවන් 137දෙනකු මරාදැමූ බවයි.
අල්-ෂබාබ් යනු අප්‍රිකාවේ අල්-කයිඩාවේ සහාය ලබන රැඩිකල් ත්‍රස්ත කණ්ඩායම් දෙකෙන් එකකි. එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් 15,000ක් පමණ රැඳී සිටින මාලිහි අනෙක් ත්‍රස්ත සංවිධානය ක්‍රියාත්මක වේ. මාලිහි ශ්‍රී ලංකා සොල්දාදුවෝ 250ක්ද රැඳී සිටිති.
දින හතරක සටනකින් පසු ප්‍රතිප්‍රහාර එල්ලකර කඳවුර නැවත අත්පත් කර ගැනීම ගැන ජනාධිපති මුසවේනි තම හමුදාවන්ට ප්‍රශංසා කර ඇත.
උගන්ඩා හමුදා සාමාජිකයෝ 22,000ක් පමණ සෝමාලියාවේ අප්‍රිකානු සංගම් සංක්‍රාන්ති මෙහෙයුමේ (ATMIS) නිරතව සිටිති. එම මෙහෙයුමට බුරුන්ඩි, ජිබුටි, ඉතියෝපියා සහ කෙන්යාවේ සොල්දාදුවන් ද ඇතුළත් වේ.
අල්-ෂබාබ් සංවිධානය සෝමාලියාවේ රජය පෙරළාදමා, ඉස්ලාමීය නීතිය පිළිබඳ ඔවුන්ගේ අර්ථ නිරූපණය මත පදනම් වූ රැඩිකල් අන්තවාදී පාලනයක් ස්ථාපිත කිරීමට වසර 20කට ආසන්න කාලයක් සටන් කරයි. මෙම කණ්ඩායම බොහෝ විට අසල්වැසි කෙන්යාවට ත්‍රස්ත ප්‍රහාර දියත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart