
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සහ පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් අද (18දා) පලස්තීන තානාපති කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා ඇත.
ඊශ්‍රායල-පලස්තීන යුද්ධය හේතුවෙන් බොහෝ කාන්තාවන් සහ ළමුන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විශාල පිරිසක් ජලය, විදුලිය, ආහාර සහ සෞඛ්‍ය පහසුකම් නොමැතිව දුක්විඳිමින් සිටීම යන කරණය සම්බන්ධයෙන් එහිදී ජාතික ජන බලවේගය පලස්තීන තානාපතිවරයාට සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ගැටලුවට කඩිනමින් සාධාරණ මැදිහත්වීමක් කළ යුතු බවත්, ඊශ්‍රායලය සහ පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගැනීම එක්සත් ජාතීන්ගේ ස්ථාවරය විය යුතු බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සඳහන් කර ඇත.
තම පක්ෂය නිදහස් පලස්තීනයක් වෙනුවෙන් දීර්ඝ කාලයක් හඬක් නැගූ බවද ඔහු එහිදී පවසා තිබේ.
ජාතික ජන බලවේගයේ ස්ථාවරය වන්නේ, පලස්තීනයේ ජනතාවට නිදහසේ ජීවත් වීමට අවස්ථාව තිබිය යුතුය යන්න බව ඔහු තානාපතිවරයාට වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart