
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු කොරියාවේදී පුද්ගලයන් 179 දෙනකුට මරු කැඳවූ බිහිසුණු ගුවන් අනතුරින් පැය කිහියකට පසුව කැනඩාවේ හැලිෆැක්ස් ස්ටැන්ෆීල්ඩ් අන්තර්ජාතික ගුවන් තොටුපළේදී ගුවන් යානයක් ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, ගුවන් යානය ගොඩබෑමේදී යානයේ නියමුවා දැඩි දුෂ්කරතාවකට මුහුණ දී ඇති බවයි.
එහිදී යානයේ කොටසක ගින්නක් හට ගෙන ඇති අතර ක්ෂණිකව යානයේ සිටි සියලුම මගීන් ඉවත් කර තිබිණි.
නිව්ෆවුන්ඩ්ලන්ඩ් සිට පැමිණි PAL එයාර්ලයින්ස් විසින් මෙහෙයවනු ලබන එයාර් කැනඩා එක්ස්ප්‍රස් ගුවන් යානයක් එලෙස ගොඩබෑමේදී දෝෂයකට ලක්ව ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය කැනේඩියානු වේලාවෙන් ඊයේ රාත්‍රී 9.30 ට පමණ සිදුව ඇතැයි සඳහන්.
”ගුවන් යානයේ තටුව ගොඩබෑමේ පථය දිගේ ලිස්සා යෑමට පටන් ගත් විට කඩාවැටෙන ශබ්දයක් වැනි ශබ්දයක් අපට ඇසුණා” යනුවෙන් මගියෙකු උපුටා දක්වමින් කැනඩාවේ CBC පුවත් සේවය වාර්තා කරයි.
අනතුරට පත් යානයේ මගීන් 80 දෙනකු සඳහා පහසුකම් තිබුණ ද එම අවස්ථාවේදී මගීන් කොපමණ සිටියේද යන්න නිශ්චිතව වාර්තා වී නැත.
කෙසේවෙතත් මෙම සිද්ධිය වාර්තා වන්නේ දකුණු කොරියාවෙන් එරට ඉතිහාසයේ බිහිසුනුම ගුවන් අනතුර වාර්තාවීමෙන් අනතුරුවයි.
දකුණු කොරියාවේ Muan හිදී ජෙජු එයාර් ගුවන් යානයක් අනතුරට පත් වූ අතර, එහි සිටි පුද්ගලයින් 181 දෙනාගෙන් 179 දෙනෙකුම මියගොස් ඇති බවට මේ වනවිට නිල නොවන ආරංචි මාර්ග පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart