
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදිරිගිරිය ප්‍රදේශයේ ස්ථාපිත උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක රාජකාරි කරමින් සිටියදී මත්පැන් පානය කර සිටි බවට තහවුරු වූ විභාග ශාලාධිපතිවරයාගේ සහ සහකාර සම්බන්ධීකරණ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එම්. ඩබ්ලිව්. සමරකෝන් සඳහන් කළේ මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසලක විදුහල්පතිවරයෙකු සහ ගුරුවරයෙකු බවයි.
විභාග දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ හදිසි පරීක්ෂාවකින් අනතුරුව අදාළ ශාලාධිපතිවරයාගේ සහ සහකාර සම්බන්ධීකරණ නිලධාරියාගේ විභාග රාජකාරි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත් බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
දැනට ක්‍රියාත්මක මූලික පරීක්ෂණවල වාර්තා ලැබීමෙන් පසු ඔවුන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart