
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර ගනිමින් AI කණ්ණාඩි නිපදවීම අරඹා තිබේ.
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමිකාරීත්වය දරන මෙටා ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද මෙම රේ-බෑන් කණ්නාඩි තුළ හඬ-සක්‍රිය කර ඇති අතර පරිශීලකයාට තම කාර්යයන් ඉටු කර ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සමඟ කතා කළ හැකි බව ඒ සමාගම පවසයි.
විශේෂයෙන් මෙම කණ්ණාඩි මගින් පෙනීම නොමැති පුද්ගලයන් හට ඉදිරියේ ඇති බාධක හදුනාගැනීමට උපකාරී වන අතර, කණ්ණාඩි රාමුවේ ඇති කැමරාව සහ කුඩා ස්පීකර් මගින් මාර්ගය පෙන්වීම, බාධක ගැන දැනුම්වත් කිරීම, කණ්ණඩිය සමග කතාකළ හැකි නිසා මාර්ගය පිළිබදවත් බාධක පිළිබදවත් විමසීමට ද කළ හැකිය.
මෙම කණ්ණාඩි භාවිත කරන දෑස් නොපෙනෙන පුද්ගලයන් පවසන්නේ, නව AI කණ්නාඩි “ජීවිතය වෙනස් කරන” බවයි.
කණ්ණාඩි රාමුවේ ඇති කැමරාවෙන් සහ කුඩා ස්පීකර් නිසා දැන් බොහෝ යහපත් ජීවන තත්ත්වයක් ඇති බවත්, අවන්හලකින් ආහාර ඇණවුම් කළහැකි බවත් මෙන්ම, කණ්ණාඩියෙන් විමසීම මගින් මාර්ගයේ ඉදිරිපිට ඇති බාධක මොනවාද යන්න සොයාගත හැකි බවත් ඔවුහු පවසති.
මෙම කණ්ණාඩිවල ඇති තවත් එක් විශේෂත්වයක් වන්නේ, තමා සමග කතාබහ කිරිමට ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ හඬවල් තෝරාගත හැකි වීමයි.
එනම් තමාට ජේම්ස් බොන්ඩ්ගේට රගපෑ ඩැනියල් ක්‍රේග්ගේ හඬ ඇසීමට අවශ්‍ය නම් එය තෝරාගත හැකිය.
‘රාජකීය ජාතික අන්ධ පුද්ගලයන්ගේ ආයතනයේ’ නිර්මාණ අංශයේ ප්‍රධානී රොබින් ස්පින්ක්ස් පවසන්නේ, මෙම කණ්ණාඩි තාක්ෂණය අන්ධ සහ අර්ධ වශයෙන් පෙනීම ඇති පුද්ගලයන් සඳහා සැබෑ සාධනීය බලපෑමක් ඇති කරන බවයි.
මේ ආකාරයෙන් AI තාක්ෂණය ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතින අතර, කාර්යක්ෂම සහ පහසු ජීවතයක් ආබාධයන් ඇති පූදුගලයන්ට ද ලබාදෙන බවට බොහෝ බලාපොරොත්තු තබාගත හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart