
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෙඩි වැදීමට ලක්වූ අග්බෝ හස්තියාට දෙවැනි අදියරේ ප්‍රතිකාර කටයුතු පණ්ඩුලගම පශු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් මේ වන විට ඇතුංගම වැව ආසන්නයේ ආරම්භ කර තිබේ.
මිහින්තලය සහ තිරප්පනය ප්‍රදේශ ජීවත්වන අග්බෝ හස්තියාගේ වම් පාදයට වෙඩි වැදීමෙන් දැඩි හානි සිදුව තිබිණි.
ඒඅනුව, පසුගිය ජුනි මස 12 වැනිදා සිට හස්තියාට ප්‍රතිකාර ආරම්භ කර ඇත.
පසුව ප්‍රතිකාර සිදුකළ වෛද්‍යවරු හා වනජීවි නිලධාරීහු එය අවසන් අදියරට පෙර හස්තියා මුදහැරිමට කටයුතු කළහ.
එලෙස මුදාහරින ලද අග්බෝ යළි ඇතුංගම වැව ප්‍රදේශයේදී දක්නට ලැබුණු අතර හස්තියා යම් අපහසුතාවකින් සිටින බවට ප්‍රදේශවාසීන් වනජිවි නිලධාරීන්ට සිදුකළ දැනුම්දීම අනුව යළි දෙවැනි අදියරේ ප්‍රතිකාර ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart