
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2022 වසරේ ආරම්භයේ සිට මේ දක්වා ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විගණකාධිපතිවරයා විසින් 15 දෙනකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පත් කර තිබේ.
මෙම විමර්ශන කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයුම් අංශය, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සංස්ථාව, කොළඹ ජාතික රෝහල සහ දිවයිනේ ප්‍රධාන රෝහල් නියෝජනය කරන නිලධාරීන් සහ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වේ.
සෞඛ්‍ය ඇමතිවරයා සහ ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධ කරමින් ලියාපදිංචි නොකළ ඖෂධ සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය පිළිබඳ තොරතුරු කරළියට පැමිණ ඇති බැවින් මෙම විමර්ශනය ආරම්භ කළ බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න සඳහන් කරයි.
මේ අතර ඖෂධ මිලදී ගැනීම සහ බෙදාහැරීමට අදාළ පරිගණක පද්ධතිය සම්බන්ධයෙන් තවත් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
එම පරීක්ෂණයේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව විගණකාධිපතිවරයා සඳහන් කරයි.
අදාළ විමර්ශන වාර්තාව මාස 2කින් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart