
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා විපක්ෂයත් එය පරාජය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයත් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමට මේ දිනවල රහස් සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
ආණ්ඩුවේ සහ විපක්ෂයේ මුල්පෙළේ දේශපාලනඥයන් සිව්දෙනකුගේ නිවෙස්වල මෙම සාකච්ඡා වට පැවැත්වී ඇත.
ඡන්ද විමසීම ද විරුද්ධ පාර්ශ්වයෙන් මන්ත්‍රීවරුන් තම පාර්ශ්වයට කැඳවා ගැනීම ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේත් ප්‍රධාන ඉලක්කය වී තිබේ.
මේ අතර මේ පිළිබඳ ඡන්ද විමසීමේ දී මන්ත්‍රීවරුන් ගණනාවක් ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
විශ්වාසභංග යෝජනාව සම්බන්ධ ප්‍රතිඵලය තමන්ට වාසිදායක ආකාරයට ලබාගත හොත් ඉදිරි ඡන්දවලදී එය ප්‍රචාරක මෙවලමක් ලෙසද පාවිච්චි කළ හැකි බව ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයන් කිහිපදෙනකු සිය මන්ත්‍රීවරුන්ට පෙන්වාදී ඔවුන් දිරිමත් කර ඇතැයි දැනගන්නට ඇත.
කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 දිනවල විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතය.
එම ඡන්ද කතානායකවරයා විසින් විමසීමෙන් පසු ඔහුට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
කතානායකවරයාට එරෙහිව මෙම විශ්වාසභංගය බාරදෙනු ලැබුවේ සමගි ජන බලවේගය විසිනි.
එම විශ්වාසභංග යෝජනාවට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජන බලවේගය සහ නිදහස ලංකා සභාව යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් 44දෙනකු අත්සන් තබා ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart