
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව වනාන්තර ප්‍රතිපත්තිය හඳුන්වාදුන් පසු ග්‍රාම නිලධරීන්ට වන නිලධරීන් ලෙස ක්‍රියාකිරීමට බලතල සහ කාර්යයන් පවරන බව වනජිවී සහ වන සංරක්ෂණ ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ඊයේ ( 20) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
එම අවස්ථාවේදී ඇය සඳහන් කළේ, දැව සංස්ථා නිලධාරීන්, දිසාපතිවරුන්, ප්‍රාදේශිය ලේකම්වරුන්, ඉඩම් නිලධාරීන්, ජනපද නිලධාරීන් වෙතද වන නිලධාරීන්ගේ බලතල පවරන බවයි.
එසේම, වන සංරක්ෂණ ආඥා පනත යටතේ නව නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් ඇය එහිදී සඳහන් කළාය.
ඇමැතිවරිය වැඩිදුරට සදහන් කර සිටියේ, වන අණ පනත් හඳුන්වාදීමෙන් පසුව, කැලෑ ආශ්‍රීතව කර්මාන්ත කර ජිවිකාව සරිකරගත් ජනතාවට විශාල අර්බුදයන්ට මුහුණදීමට සිදුව ඇති බවයි.
විශේෂයෙන් වනාන්තර ආශ්‍රිතව පානීය ජලය සපයා ගැනීම, ඉන්ධන දැව මෙන්ම වෙනිවැල් ගැට, ගොරකා ආදි දැව නොවන නිෂ්පාදන ලබාගැනීමේදී ගැළුවල මුහුණදෙන නමුත්, නව ගැසට් පත්‍රය හරහා ඊට අවස්ථාව සැලෙසන බව ඇමැතිනිය පෙන්වාදුන්නාය.
එමෙන්ම ලංකාවේ වන ආවරණය ඇත්තේ සියයට 29.2 ක් පමණක් බවත්, අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව සියයට 32 ක් දක්වා වන වැස්ම වර්ධනය කළයුතු බවත් ඇය පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart