
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාජ පෝලන්ත වීසා බලපත්‍රයකින් රටින් පිටවීමට උත්සාහ කළ යාපනයේ පදිංචිකරුවකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ ඔහු තම විදේශ ගමන් බලපත්‍රයට ව්‍යාජ පෝලන්ත වීසා ලබගැනීම සඳහා යූරෝ 7000ක් දේශීය නියෝජිතයකුට ගෙවා ඇති බවයි.
මෙම මගියා සඳුදා සවස දෝහා කටාර් බලා යෑමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 217 දරන ගුවන් යානයට ගොඩවීමට සූදානම්ව සිටියදී ගුවන්තොටුපළේ පිටත්වීමේ කවුන්ටරයේදී ආගමන විගමන නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
මගියාගෙන් ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශකර ඇත්තේ ව්‍යාජ වීසා බලපත්‍රය ලබාගැනීම සඳහා ජර්මනියේ වෙනත් පුද්ගලයකුට යොමුකිරීමට ඔහු යූරෝ 7,000ක් එනම් රුපියල් මිලියන 2.2ක් දේශීය නියෝජිතයකුට ගෙවා ඇති බවයි.
යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම මගියා ව්‍යාජ පෝලන්ත වීසා බලපත්‍රය සහිත සිය විදේශ ගමන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ මෙරට නියෝජිතයා මගිනි.
ඔහු දෝහා බලා ගුවන් යානයකට ගොඩ වී පසුව පෝලන්තයේ වෝර්සෝ වෙත සම්බන්ධක ගුවන් යානයකට ගොඩවීමට සිටි බවට නිලධාරීන්ට සැක මතු වී තිබේ.
වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම මගියා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය වෙත භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart