
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පකිස්තානය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඇෆ්ගනිස්ථානයේ ඊසානදිග කූනාර් පළාතේ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව ඇෆ්ගන් බලධාරීහු පවසති.
කූනාර් පළාත් මාධ්‍ය ප්‍රකාශක ෆරීඩ් දෙහ්කාන් අල් ජසීරා පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ, සඳුදා දින අලුයම 4 ට පමණ නුර්ගාල් දිස්ත්‍රික්කයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් එකම පවුලක තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
තලේබාන් නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක හම්දුල්ලා ෆිට්රාට් සඳහන් කළේ මෙම ප්‍රහාරයෙන් කූනාර් හි නිවසකට දැඩි හානි සිදුව ඇති බවයි. එමෙන්ම පක්ටිකා පළාතේ බාර්මාල් දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් වෙළඳසැලක් සහ හිස් නිවසක් විනාශ වී ඇති අතර, එතැනින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.
කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථානයේ පිහිටි ඉලක්ක තුනකට එල්ල කළ මෙම ගුවන් ප්‍රහාරවලින් ත්රස්තවාදීන් 28 දෙනෙකු මියගිය බව පකිස්තාන තොරතුරු අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී.
පසුගිය පෙබරවාරි මාසයේදී දෙපාර්ශවය අතර හටගත් දරුණු ගැටුම්වලින් පසුව මාස තුනක පමණ කාලයක් පැවැති තාවකාලික සාමකාමී වාතාවරණය මෙම ප්‍රහාරයත් සමඟ නැවතත් උණුසුම් වීමේ අවදානමක් මතුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart