
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු ඉන්දීය චිත්‍රපටවල ස්වර්ණමය යුගයක පුරාවෘත්තයක් වූ ඉන්දීය සිනමාවේ වඩාත් කැපීපෙනෙන සහ කීර්තිමත් නිළියක වන බී සරෝජා දේවි අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඇය 87 වැනි වියේ පසුවිය.
දශක හතරක් පුරා රංගනය වෘත්තීය ජීවිතයක් කරගෙන සිටි සරෝජා දේවි දමිළ, කන්නඩ, තෙළිඟු සහ හින්දි චිත්‍රපට 161 ක රඟපෑ අතර, ඉන්දියාව පුරා ජනප්‍රිය නාමයක් බවට පත්විය.
සරෝජා දේවි බොහෝවිට ඉන්දියානු සිනමාවේ විශාලතම පුරාවෘත්ත ලෙස සැලකූ චරිත සමග සමඟ රඟපෑවාය.
ඇය එම්.ජී. රාමචන්ද්‍රන් (එම්ජීආර්) සමඟ චිත්‍රපට 26 ක්, සිවාජි ගනේෂන් සමඟ චිත්‍රපට 22 ක් සහ ජෙමිනි ගනේෂන් සමඟ චිත්‍රපට 17 ක් සඳහා රංගනයෙන් දායකවූවාය.
එම්ජීආර් සමඟ ඇය නාඩෝඩි මන්නන් (1958), තායි සොල්ලයි තත්තදේ (1961) සහ පාදගොට්ටි (1964) වැනි චිත්‍රපටවල අති සාර්ථකව රංගනයෙන් දායක විය.
තංගමලෙයි රාගසියම් (1957), පාර්තාල් පාසි තීරුම් (1962), සහ ආලයමනී (1962) චිත්‍රපටවල සිවාජි ගනේෂන් සමඟ දැක්වූ රංගන දායකත්වය තවමත් රසිකයින්ගේ සිත් තුළ නොමැකී පවතී.
ඇය දිලිප් කුමාර් සහ ෂම්මි කපූර් වැනි බොලිවුඩයේ විශිෂ්ටයන් සමඟ පවා රංගනයට එක්වූ අතර, කන්නඩ චිත්‍රපට කර්මාන්තයේ, ඇය ඉහළම තරුවක් පමණක් නොව, ඇගේ කාලයේ වැඩිම මුදලක් අයකරන නිළියද විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart