
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට චීනය නැවත තේරී පත්වීම සම්බන්ධයෙන් මානව හිමිකම් කණ්ඩායම් සහ විදේශීය ක්‍රියාකාරීන් දෝෂාරෝපණ එල්ල කර ඇත.
මානව හිමිකම් ආරක්ෂා කිරීම සක්‍රීයව වළක්වාලීමට උත්සාහ කරන බැවින් චීනයට මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයකු වීමට සුදුසුකම් නොමැති බව ඔවුහු පෙන්වාදෙති.
2006 දී පිහිටුවන ලද 47 දෙනකුගෙන් යුත් කවුන්සිලයට නැවත තේරී පත් වූ සාමාජිකයන් 15 දෙනා අතර චීනය ද සිටී.
නිව් යෝර්ක් හි හියුමන් රයිට්ස් වොච් ඇතුළු ටිබෙට්, උයිගර්, හොංකොං සහ අනෙකුත් කණ්ඩායම් නියෝජනය කරන සංවිධාන 80කට අධික සංඛ්‍යාවක් විසින් මෙම ප්‍රතිඵලය විවේචනයට ලක්කර තිබේ.
චීනය මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය ලැබීමට නුසුදුසු බවට ලෝක උයිගුර් සම්මේලනයේ වෙබ් අඩවියේ ප්‍රකාශයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, ඊට කණ්ඩායම් 88ක් අත්සන් තබා ඇත.
චීනය කවුන්සිලයේ “ආසනයක් දැරීමට නුසුදුසු” බවත්, “එක්සත් ජාතීන්ගේ සිවිල් සමාජයේ හඬ නිශ්ශබ්ද කිරීමට තම බලය සහ බලපෑම භාවිතා කර ඇති බවත්” එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart