
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“බාල ගල්අඟුරු ගෙනාවා කියලා ඇමැතිවරු අද පිළිගන්නවා. හැබැයි පාඩුව ගෙවන්න වෙන්නේ ජනතාවට. ආණ්ඩුවම කියනවා බඩු බාලයි කියලා. හැබැයි ගෙවන්න වෙන්නේ කාටද ජනතාවට. දැන් ඒක සාධාරණද?. ජවිපෙ බලයට එනකොට කිවුවෙ අපේ ළඟ චෝදනා තියෙන හොරකම් කරපු කවුරුත් නෑ කියලා. හැබැයි දැන් බලශක්ති ඇමතිට අධිචෝදනා ගොනුකරලා තියෙනවා. හරිනම් විපක්ෂය කියනකන් ඉන්න ඕනෙ නෑ. ඉල්ලා අස්වෙන්න ඕනෙ.” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව පැවසුවේ කොළඹ දී ජනමාධ්‍ය වෙත අදහස් පළකරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේද සඳහන් කළේය.
” මම හිතන්නේ ලෝකයේ මෙවැනි සිදුවීමක් සිදු වෙනකොට ලෝකයේ හැම රටක්ම සූදානම් වුණා. ඒක මේ ආයෙ අමුතුවෙන් අපි ඇඟිල්ලෙන් ඇනලා කියන්න ඕන දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් ඒක තේරුම් නොගත්ත අයට විපක්ෂය වගේම රටේ ජනතාව, බුද්ධිමත් ජනතාව මතක් කරලා දුන්නා. හැබැයි යම් තැන්වලදී ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ නෑ, යම් තැන්වලදී ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරා. හැබැයි අර කළින් අහපු ප්‍රශ්නෙත් එක්ක පලපුරුද්දක් නැති, ජේෂ්ඨත්වයක් නැති හින්දද කියන්න දන්නෙ නෑ, සමහර කාරණා වලදී ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම තමයි අපි අද දකිනවා පරක්කු වෙලා හරි සමහර දේවල් ක්‍රියාත්මක කරනවා. පරක්කු වෙලා හරි එදා අපි කියපුවා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් දැන්වත් අවුරුදු තුන හතරකට සැලසුම් කරන්නේ නැතුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් සංවර්ධනය කරන්න ආයෝජකයෝ ගේනකොට මේ අය විරුද්ධ උණා. අධිවේගී මාර්ග හදනකොට බල්ලෝ බළල්ලුන්ට පාරමාරු වෙන්න බෑ කියලා කිව්වා. වරායවල් හදනකොටත් එහෙමයි. ගුවන්තොටුපොළවල් හදනකොටත් එහෙමයි. බලශක්තිය සම්බන්ධයෙන් බලාගාර හදනකොටත් එහෙමයි. එදා විරුද්ධ නොවුණා නම් අද සමහර විට මේ ආණ්ඩුවට මේ අභියෝගයට මුහුණදෙන්න සිද්ධ වෙන්නේ නෑ. එහෙම නම් තෙල් සංචිත තියෙනවා. ගුවන් තොටුපළවල් යම්තාක් දුරකට සංවර්ධනය වෙලා තියෙනවා. බලශක්තිය පුනර්ජනනීය බල ශක්තිය බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් එදා තමන් කකුළෙන් ඇදපුව තමයි අද පස්සෙන් එන්නේ. ඉතින් දැන්වත් ඉතිහාසයට සාප කරාට කමක් නෑ තමන් ඉතිහාසය කරපු වැරදි අධ්‍යනය කරලවත් ආපහු ඒවා නොකර හිටියොත් හොඳයි.
බාල ගල්අඟුරු ගෙනාවා කියලා ආණ්ඩුවේ ඇමැතිවරු අද පිළිගන්නවා. හැබැයි පාඩුව ගෙවන්න වෙන්නේ ජනතාවට. ආණ්ඩුවම කියනවා බඩු බාලයි කියලා හැබැයි ගෙවන්න වෙන්නේ කාටද? ජනතාවට. දැන් ඒක සාධාරණද. ජවිපෙ බලයට එනකොට කිවුවෙ අපේ ළඟ චෝදනා තියෙන කවුරුත් නෑ කියලා. හැබැයි දැන් බලශක්ති ඇමතිට දැන් අධිචෝදනා ගොනුකරලා තියෙනවා. හරි නම් විපක්ෂය කියනකන් ඉන්න ඕනෙ නෑ, ඉල්ලා අස්වෙන්න ඕනෙ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart