
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ ගිණුම් සම්බන්ධ වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එහි දැක්වෙන්නේ, ඔහුගේ පෞද්ගලික ගිණුම්, ඔහුට අයත් පෞද්ගලික ව්‍යාපාරයේ ගිණුම්, ඔහුගේ යාඥා සිදුකරනු ලබන පල්ලියට අයත් ගිණුම් සහ ඔහුගේ බිරිඳට අයත් රජයේ සහ පෞද්ගලික බැංකු ගිණුම්වලට රුපියල් කෝටි 1226ක් ලැබී ඇති බවයි.
එසේම කටුනායක පිහිටි මිරැකල් ඩෝම් ආයතනයේ ස්ථාපිත කර ඇති සී.සී.ටීවී 267 භාරව සිටින, එහි තොරතුරු තාක්ෂණ නිලධාරියාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (26) නියෝග කර ඇත.
ජුනි 18 සිට 25 දක්වා එම ආයතනයේ දර්ශන ලබානොදීම සම්බන්ධයෙන් අධිකරණයෙන් ඔහුට නොතීසි නිකුත් කර තිබිණි.
මිරැකල් ඩෝම් ආයතනය ස්ථාපිත කිරිම සඳහා රුපියල් මිලියන 6100ක් වැයකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන මගින් අනාවරණය කර තිබේ.
වරෙන්තුවක් මත සිදු කළ සෝදිසි මෙහෙයුම සම්බන්ධයෙන් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ගොනුකරමින් අදාළ ගිණුම් තොරතුරු හෙළිකර ඇත.
පසුගිය 07වැනිදා සිට 12වැනිදා දක්වා එම විමර්ශන සිදුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart