
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බවත්, ඊට අදාළ මූලික පියවර ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ දීර්ඝකාලීනව පවතින ගැටලුවලට විසඳුම් ලබාදෙමින් ජාතික ගමනාගමන ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට සහ පොදු ප්‍රවාහන සේවාව තුළ ඒකාබද්ධ කාලසටහන් සහ විද්‍යුත් ටිකට්පත් හඳුන්වා දීමේ වැඩපිළිවෙළක් ද සැලසුම් කර ඇති බව අමාත්‍යාංශය පෙන්වාදෙයි.
මේ පිළිබඳ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන, ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ යන අය ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
මේ වනවිට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයෙහි පවතින කළමනාකාරීත්ව ගැටලු හා අකාර්යක්ෂමතා හේතුවෙන් මගී ජනතාව සහ බස් රථ හිමියන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, නවීන තාක්ෂණය භාවිත කරමින් මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඇති කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.
මගී ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සම්බන්ධව සියලු පාර්ශ්වයන්ට ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා E- ticketing ක්‍රමය යෝජනා වී ඇති බවත්, මේ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බවත් ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මෙහිදී සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart