
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විවධ අනතුරු හේතුවෙන් මෙරට තුළ දිනකට පුද්ගල මරණ 30ත් 35ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසයි.
ඔහු අනාවරණ කරන පරිදි විවිධ අනතුරු හේතුවෙන් වාර්ෂිකව මෙරට සිදුවන මරණ සංඛ්‍යාව 10,000ත් 12,000ත් අතර සංඛ්‍යාවක පවතී.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2019 වසරේ සිට සමස්ත අනතුරු සහ රෝහල්ගතවීම් සංඛ්‍යාව යම් ප්‍රමාණයකට අඩුවී ඇති අතර, රජයේ රෝහල්වල රෝහල්ගතවීම්වලින් වැඩි ප්‍රමාණයක් හදිසි අනතුරු හේතුවෙන් සිදුවන බව ද ඔහු පැවසීය.
පවතින ප්‍රවණතාවය අනුව ඉදිරි වසර 5ත් 10ත් අතර කාලය තුළ එම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව වෛද්‍ය සමිත සිරිතුංග පෙන්වාදෙයි.
ඒ අනුව මෙම ප්‍රවණතාවය මගහරවා ගැනීම සඳහා සම්බන්ධීකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ද ඔහු රජයෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart