July 29, 2024

තුම්මෝදර-අවිස්සාවේල්ල මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය පැවසුවේ, තුම්මෝදර සිට අවිස්සාවේල්ල දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මිරිස්කුඩු වංගුවේදී රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිණි පොලිස් නිලධාරීන් ගමන්ගත් යතුරුපැදියේ ගැටී ඇති බවයි.

මූලික තොරතුරුවලට අනුව යතුරුපැදියේ සිටි එක් පොලිස් නිලධාරියකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.