
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාර්ගය අයිනේ නවතා තිබූ මෝටර් රථ 02ක්ද හප්පා යමින් අධික වේගයෙන් විදුලි කණුවක ගැටී අනතුරකට ලක්වූ මෝටර් රථය හිටපු ඇමැතිවරයකු වූ අර්ල් ගුණසේකරගේ පුතු විසින් පැදවූ ජීප් රියක් බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.
පසුගිය (05 වැනිදා) අලුයම 04ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ ගාලු පාරේ බම්බලපිටිය ප්‍රදේශයේය.
හිටපු ඇමැතිවරයාගේ පුතු සරසවියක අවසන් වසරේ සිසුවකු වන අතර ඔහු තම මිතුරකුගේ නිවසේ පාඩම් කිරීමට ගොස් ආහාරයට යමක් ගැනීම සඳහා මිතුරන් ද සමගින් කොළඹ දෙසට පැමිණ ඇත. එහිදී අධික වේගයෙන් වැල්ලවත්ත දෙස සිට කොළඹ දෙසට ධාවනය කර ඇත.
කොළඹ දෙසට වන මාර්ගයේ වම්පස තීරුවේ ඉදිකිරීමක් වෙනුවෙන් මාර්ගයේ කොටසක් කඩා දමා ඇති බවත් ජීප් රිය පැදවූ පුද්ගලයා එය දැක නැති බවත් ඒ අනුව කැඩී ගිය කොටසට වැටීමට පෙර රථය දකුණු පසට කර ඉස්සර කිරීමට යාමේදී මග අයින නවතා ගිය මෝටර් රථයක ගැටී ඉදිරියට ඇදී ගොස් ඇත.
අනතුරින් කිසිවකුට හෝ හානි සිදුව නැති අතර අලාභ පියවා ගැනීමට ජීප් රථයේ රියැදුරු එකඟතාව පලකිරීම නිසා මෙම අනතුර විසඳුනු අපරාධයක් ලෙස නම් කර ඇත.
(අරුණ)
(එම අනතුරට අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරය වී පැවැති ආකාරය පහතින්)
An investigation has been launched over an accident along Marine Drive involving an SUV which crashed into two vehicles parked on the opposite side of the road.#Srilanka #lka #MarineDrive pic.twitter.com/VFsuZ6QXxP
— Easwaran Rutnam (@easwaranrutnam) May 7, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart