
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජල බලවේගයේ සභාපතිත්වයෙන් සහ කැලණිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම වළකාලමින් කොළඹ දිසා අධිකරණය මගින් නිකුත්කර ඇති වාරණ නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ගොනුකර ඇති ප්රතිශෝධන පෙත්සම සම්බන්ධව කරුණු සළකා බැලීමට ජුනි 5 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.
ප්රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා බී. ශෂි මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල හමුවේ අද(21) කැඳවනු ලැබිණි.
මෙම ප්රතිශෝධන පෙත්සම සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස සහ පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් ගොනු කරන ලද්දකි.
පෙත්සමේ වගඋත්තරකරු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නම් කර ඇත.
සමගි ජන බලවේගයේ සභාපතිත්වයෙන් සහ අනෙකුත් තනතුරුවලින් සරත් ෆොන්සේකා ඉවත් කිරීමෙන් පසු ඊට එරෙහිව ඔහු කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළ අතර එම පැමිණිල්ල සළකා බැලීමෙන් පසු කොළඹ දිසා අධිකරණය ඔහු එම තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළේය.
එම වාරණ නියෝගයට එරෙහිව සමගි ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විරෝධතා ගොනු කරමින් කරුණු දැක්වුවත් එම වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට දිසා විනිසුරුවරයා කටයුතු කළේය.
මෙම තීන්දුව සම්බන්ධව අතෘප්තියට පත් සමගි ජන බලවේගය එම නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා ප්රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබේ.
කොළඹ දිසා අධිකරණය ලබා දුන් නියෝගය ඉවත දමන ලෙස නියෝග කරන ලෙස සමගි ජන බලවේගය සිය ප්රතිශෝධන පෙත්සම මඟින් ඉල්ලා ඇත.
සමගි ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වාගේ උපදෙස් පරිදි නීතීඥ ෆාදිලා තසීම් පෙනී සිටි අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙනී සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart