
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලිංගික අපයෝජන සිද්ධීන් වාර්තා කිරීමේදී අපයෝජනයට ලක්වන දරුවන්ගේ අනන්‍යතාව හෙළි කිරීමෙන් වළකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියි.
1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනතේ 365 සී වගන්තිය යටතේ මෙම වරද සිදු කරන පුද්ගලයන්ට වසර දෙකක් දක්වා සිරදඬුවම් නියම කළ හැකි බව එම අධිකාරිය පෙන්වා දෙයි.
මෙම නීති පිළිබඳ මහජනතාව දැනුවත් නොවීම මෙවැනි විෂමාචාර වැඩිවීමට බලපා ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ අවධාරණය කරයි.
බොහෝ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සංවිධාන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් තිබෙන බව නොදන්නා බවත් ළමා අපයෝජන සිද්ධීන් වාර්තා කිරීමේදී, බොහෝ විට ඔවුන්ගේ නිවෙස්වල ඡායාරූප සහ වීඩියෝ ඇතුළු දරුවන්ගේ සියලු තොරතුරු විකාශය කරන බවත් ඔහු පෙන්වා දෙයි.
එම නිසා දරුවන් සම්බන්ධ සිද්ධීන් වාර්තා කිරීමේදී වින්දිතයන්ට හානියක් නොවන අයුරින් වාර්තා කිරීමට වගබලා ගත යුතු බව සභාපතිවරයා පෙන්වා දෙයි.
එවැනි හෙළිදරව් කිරීම් වින්දිතයන්ට හානිකර විය හැකි බවත් ඇතැම් අවස්ථාවන්හිදී සියදිවි නසාගැනීම් පවා සිදුවිය හැකි බවටත් අමරසිංහ ඔහුඇඟවීය.
දණ්ඩ නීති සංග්‍රහයට අමතරව ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ පනත මගින් ද එවැනි සිද්ධීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.
එබැවින් ළමා අපයෝජන සිද්ධීන් වාර්තා කිරීමේදී වඩාත් වගකීම්සහගත ලෙසත් සංවේදී වන ලෙසත් අදාළ මාර්ගෝපදේශ සහ නීති පිළිපදින ලෙසත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගෙන් ඉල්ලයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart