
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බෞද්ධ විහාරස්ථානවල සාමනේර හිමිවරුන්ට සිදුවන පහරදීම්, කායික, වාචික සහ ලිංගික අපයෝජන සහ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විශේෂ වාර්තාවක් සම්පාදනය කරමින් සිටින බව වාර්තාවේ.
විහාරස්ථානවල සිදුවන අපචාර චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ලෙසත්, ඉදිරියේදී සිද්ධස්ථානවල සිදුවන ළමා අපචාර වැළැක්වීමට කටයුතු කරන ලෙසත් රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පසුගියදා ප්‍රධාන බෞද්ධ නිකායික මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටියහ.
මේ සම්බන්ධයෙන් අදහස් පලකරන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසන්නේ,
“මේ පිළිබඳව අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙනවා. මේ වනවිට වාර්තාවක් සකස් කරමින් තිබෙනවා. එය අවසන් වූ පසු මාධ්‍යයට කතා කරන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.
2023 අප්‍රේල් 23 වන දින භික්ෂූන් වහන්සේලා තුන්නමක් විසින් පුස්සැල්ලාව ප්‍රදේශයේ විහාරස්ථානයක සාමණේර හිමිනමක් අපයෝජනයට ලක්කිරීම සහ කළුතර විහාරස්ථානයක තවත් සාමණේර හිමිනමක් සර තුනකට වැඩි කාලයක් විහාරාධිපති හිමියන් ඇතුළු තවත් භික්ෂූන් වහන්සේලා තුන් නමක් විසින් ලිංගික අපයෝජනයට ලක්කිරීම ආදී සිදුවීම් කිහිපයක්ම මෑතකදී ජනමාධ්‍ය ඔස්සේ වාර්තා විය.
මේ අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) සභාපති උදයකුමාර අමරසිංහ පසුගියදා ප්‍රකාශ කළේ විහාරස්ථානවල සාමණේර හිමිවරුන් අපයෝජනය කළ බවට චෝදනා එල්ල වන වැරදිකරුවන්ට එරෙහිව ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් දැනටමත් පියවර ගෙන ඇති අතර අපරාධ වරදක් සිදුවී ඇත්නම් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇති බවයි.
(themorning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart