
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත ලැබෙන රුපියල් මිලියන 05කට වඩා වැඩි දේපළ වැරදි සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස පොලිස්පතිවරයා සමස්ත පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත.
එවැනි පැමිණිලි සම්බන්ධයෙන් සිදු කරන පොලිස් විමර්ශන වලට අමතරව එම පැමිණිලි සම්බන්ධයෙන් පොලිස් ස්ථානයේ අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙසට, පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන වෙත විද්‍යුත් පණිවිඩ හරහා නියෝග කර තිබේ.
මේ අනුව දේපළ හොරකම් කිරීම, බලෙන් ලබාගැනීම , කොල්ලකෑම , සාපරාධී සාවද්‍ය පරීක්ෂණ , සාපරාධී විශ්වාසය කඩකිරීම , වංචා කිරීම , අනර්ථය සහ ඒ සම්බන්ධ ලැබී ඇති වෙනත් වැරදි , ලක්ෂ 50 ට වැඩි ආරවුල් යන පැමිණිලි සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොලිස් මුලස්ථානයේ අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරිම සිදු කළ යුතු බව දක්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart