
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව විසින් කොළඹ පිහිටි අතහැර දැමූ ගොඩනැගිලි සඳහා නව, පූර්ව ආරක්ෂණ රෙගුලාසි කඩිනමින් නිකුත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
ඒ, මීට සතියකට පමණ පෙර කොළඹ කොටුව ප්‍රදේශයේ අතහැර දමා ඇති ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නෙන් එම ගොඩනැගිල්ලට විශාල හානියක් සිදුවීමෙන් අනතුරුවයි.
ගිනි නිවන දෙපාර්තුමේන්තුවට එකවර ළඟාවීමට නොහැකි වූ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ මහල් හතරකට ගින්න පැතිර ගිය අතර එය නිවාදැමීමට ගිනි නිවන රථ තුනක් අවශ්‍ය විය.
කොළඹ ගිනි නිවීමේ ප්‍රධානී පී ඩී කේ විල්සන් ජනමධ්‍ය වෙත පවසා ඇත්තේ, දෙපාර්තමේන්තුව මෙම රෙගුලාසි සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.
“එම සාකච්ඡාවලින් පසුව, අපි මඟ පෙන්වන පූර්වාරක්ෂක පියවර මාලාවක් සකස් කරන අතරම, අතහැර දමා ඇති ගොඩනැගිලි ඒවාට අනුකූල වීම සඳහා අදාළ පාර්ශ්වයන් වෙත ඒවා යොමුකිරීමටත් කටයුතු කරනවා,” ඔහු පැවසීය.
පසුගියදා එම දෙපාර්තමේන්තුව ඉදිකිරීම් හා ඉංජිනේරු සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සමඟ ද සාකච්ඡාවක් පවත්වා තිබේ.
කොළඹ ගිනි නිවීමේ ප්‍රධානියාට අනුව, ක්‍රිෂ් ගොඩනැගිල්ල හැරුණු විට කොළඹ පිහිටි දැනට අතහැර දමා ඇති තවත් එක් මහල් ගොඩනැගිල්ලක් වන්නේ සිනමන් ලයිෆ් සංකීර්ණය ඉදිරිපිට ඇති ගොඩනැගිල්ලයි.
දැනට පවතින රෙගුලාසි පැහැදිලි කරමින් ඔහු පවසන්නේ, මහල් නිවාසයක් ඉදිකිරීමට පෙර ඉදිකිරීම්කරුවකු ගිනි නිවන දෙපාර්තමේන්තුවෙන් ගිනි ආරක්ෂණ නිෂ්කාශනයක් ලබාගත යුතු බවයි.
“ඔවුන් අපගේ පිරිවිතරයන්ට අනුව සියලුම ආරක්ෂිත ප්රමිතීන් අපට ඉදිරිපත් කළ යුතු අතර එම වාර්තාව සහ පරීක්ෂණයක් මත පදනම්ව අපි සහතිකයක් නිකුත් කරනවා” ඔහු පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart