
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනප්‍රිය බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ගේ මිනිබිරිය වන ආරාධ්‍යා බච්චන් පිළිබඳ අසත්‍ය පුවත් සිය වේදිකාවෙන් ඉවත් කරන ලෙස දිල්ලි මහාධිකරණය ‘යූ ටියුබ්’ ආයතනය වෙත නියෝග කළේය. මින් ඉදිරියට මෙවැනි අසත්‍ය පුවත් බෙදා නොගත යුතු බවද අධිකරණය අවධාරණය කර ඇත.
ඓශ්වර්යා රායි බච්චන් සහ අභිෂේක් බච්චන්ගේ 11 හැවිරිදි දියණියගේ සෞඛ්‍යය පිළිබඳව ‘ව්‍යාජ ප්‍රවෘත්ති’ වාර්තා කිරීම සම්බන්ධයෙන් යූ ටියුබ් වාර්තාවන්ට එරෙහිව බදාදා මහාධිකරණය හමුවේ විභාගවූ නඩුවකදී මෙම නියෝගය ලබාදී තිබේ. මෙලෙස අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවා හරින වීඩියෝ බෙදාහරිම පාලනක කිරීමට ප්‍රමිතියක් නොමැත්තේදැයි එහිදී අධිකරණය ප්‍රශ්න කර ඇත. දිල්ලි මහාධිකරණය යූ ටියුබ් වෙත වැඩිදුරටත් පවසා ඇත්තේ, පරිශීලකයින්ට වේදිකාවක් ලබා දී ඇති බව පැවසීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් එහි දමා ඇති දේ සම්බන්ධයෙන් ආයතනයට වගකීමක් පවතින බවත්ය.
අදාළ යූ ටියුබ් වීඩියෝවට විරෝධය පළ කරමින් අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ, සෑම දරුවකුටම ගෞරවයෙන් හා අභිමානයෙන් ජීවත් වීමට අයිතියක් ඇති බවත්, එවැනි ව්‍යාජ පුවත් නැවැත්වීම වේදිකාවේ වගකීම බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart