March 2, 2026

සී-4 වගර්යේ පුපුරන ද්‍රව්‍ය කිලෝ තුනක් සමග මුලතිව් ප්‍රදේශයේ තරුණයකු පොලිස් විශේෂ කායර් බළකායේ නිලධාරීන් විසින් ඉකුත් 25දා අත්අඩංගුවට ගෙන ඇති බව ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මුලතිව් කල්ලපාඩු ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

පොලිස් විශේෂ කායර් බළකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම තරුණයාගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ මෙම පුපුරන ද්‍රව්‍ය තොගය හමු වී තිබේ.

පොලිස් විශේෂ කායර් බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව් පොලිසිය වෙත භාර දී ඇති අතර ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.