
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රංශ ජාතිකයකුට අයත් විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ප්‍රංශයට පළායෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පෙරේදා (23) පස්වරුවේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී ආගමන හා විගමන නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු බව හඳුනාගෙන තිබේ.
එම සැකකරු විසින් ඉදිරිපත් කළ විදේශ ගමන් බලපත්‍රය සොරකම් කළ හා නැතිවූ විදේශ ගමන් බලපත්‍ර ලැයිස්තුවේ ලැයිස්තුගත කර ඇති බව විමර්ශනවලදී හෙළිව තිබේ.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු ගුවන් තොටුපළ පොලිසිය වෙත භාරදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart