
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාන්තා පන්දුවාර 20 තරග ඉතිහාසයේ හඹාගොස් කණ්ඩායමක් තරගයක් ජයගත්, ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම ඊයේ සමත්විය
ඕස්ට්‍රේලියාව හමුවේ මෙම වාර්තාව කොදෙව් කාන්තා කණ්ඩායම පිහිටවූයේ තරග තුනකින් යුත් තරගාවලියේ සිඩිනි හිදී පැවැති දෙවැනි තරගයේදීය.
ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදී කඩුලු 6කට ලකුණු 212ක් ලබාගත් අතර කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 03කි දැවි ලකුණු 213ක් ලබාගනිමින්, ක්‍රිකට් කාන්තා පන්දුවාර විස්ස තරග ඉතිහාස පොතේ සිය නම සනිටුහන් කර ගත්තේය.
එහිදි විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල කොදෙව් නායිකා හේලි මැතිව්ස් පන්දු 64කදී ලකුණු 134ක් ලබාගත්තේ හයේ පහර 05ක් සහ හතරේ පහර 20 ක් සමගිනි.
මීට පෙර එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර විස්ස කාන්තා තරගයක වැඩිම ලකුණු හඹායෑමේ යාමේ වාර්තාව පිහිටුවා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart