
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම ජීවිතයට තර්ජනයක් ඇති බවට අසත්‍ය ප්‍රකාශ කළ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය විසින් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක සහ අපරාධ අංශයේ ස්ථානාධිපති තිලක් සමරනායකගේ ප්‍රධානත්වයෙන් සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ 33 හැවිරිදි එම කාන්තාව පොලිසියට අසත්‍ය ප්‍රකාශ කිහිපයක් සිදුකර ඇති බවයි.
තම පියා ඉංජිනේරුවකු බවත් මව ගුරුවරියක බවත් ඇය ප්‍රකාශ කර ඇති නමුත් එම ප්‍රකාශ අසත්‍ය බව පෙනී ගොස් ඇති අතර ඊට අමතරව ලබා දී ඇති ලිපිනයද ව්‍යාජ බව හෙළිවී ඇත.
මෙම කාන්තාව පේරාදෙණිය හිඳගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පැවසුව ද ඇය කැකිරාව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට අනාවරණය වී ඇත.
කප්පම් ගන්නා පුද්ගලයකුගෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව ඇය ප්‍රකාශ කළත් සිතාමතාම වෙනත් දුරකථනයකින් තම දුරකථනයට පණිවිඩ එවා තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බව පොලිසියට පෙන්වා දී ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
මෙම කාන්තාව පොලිස් නිලධාරීන් සමඟ සමීප සබඳතා ද ගොඩනඟා ගෙන තිබේ.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී සිය නිල නිවස තුළදී වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් බව කියන ඇහැළියගොඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුරංජිත් සිල්වාගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව ඇය අවශ්‍යව සිටි අයකු බව විමර්ශකයන් ප්‍රකාශ කර ඇත.
එම නිලධාරියාට අවසන් දුරකථන ඇමතුම ලැබී ඇත්තේ මෙම කාන්තාවගෙනි.
අදාළ කාන්තාව මූලික පරීක්ෂණයට සහභාගි වී ඇති නමුත් පසුව එම පරීක්ෂණවලින් මඟහැර සිට ඇති අතර, එම නිසා පරීක්ෂණ අවසන් කිරීමට පොලිසියට අපහසු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart