
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස පෙනීසිටිමින් කාන්තාවක් අපයෝජනයට ලක්කර, ඇය සතු රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයකු මොරොන්තුඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අපයෝජනයට ලක්වූ කාන්තාව සම්බාහන මධ්‍යස්ථානයක රැකියාව කරන අතර, මුහුණු පොත හරහා මෙම පුද්ගලයා හඳුනාගෙන තිබෙන බව පොලීසිය පවසයි.
මොරොන්තුඩුව ප්‍රදේශයේ කාමර කුලියට ලබාදෙන ස්ථානයකට පැමිණීමෙන් අනතුරුව මෙම සැකකරු විසින් තමා පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා බව පවසා රාජකාරි රාජකාරි හැඳුනුම්පතක් ද පෙන්වා තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
අනතුරුව ඇය අපයෝජනයට ලක්කර ඇය සතුව තිබූ රන් මාලයද කොල්ලකා මෙම සැකකරු පළාගොස් තිබෙන බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
මොරොන්තුඩුව පොලිසිය විසින් විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලකෑ රන් භාණ්ඩද සොයාගත් පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart