
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අම්බලන්ගොඩ කහව ප්‍රදේශයේ නිවසක් තුළදී ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පාසලකට ආහාර සපයන බව කියන ගෝනාපීනුවල ප්‍රේමලතා නමැති 59 හැවිරිදි තිදරු මවකි.
අද (20) අලුයම 4ට පමණ ඇය මුළුතැන්ගෙයි කෑම පිළියෙළ කරමින් සිටියදී නාඳුනන පුද්ගලයකු නිවසට ඇතුළු වී ඇසිඩ් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
සිද්ධියෙන් පසුව අසල්වාසීන් සහ ඥාතීන් එක්ව ඇයව බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇතත්, ඇතුළත් කිරීමෙන් සුළු වේලාවකට පසු ඇය මියගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart