October 7, 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ලබාගත් රුපියල් මිලියන 10 ක මුදලක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද උදෑසන අත්අඩංගුවට ගත් අතර අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.