
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වාද්දුව පොලිස් වසමේ පොතුපිටිය ප්‍රදේශයේ නිවසකදී සිදුකළ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ඝාතනයට ලක්ව තිබේ.
පොලිසිය පවසන්නේ තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාව ඝාතනය වී ඇති බවට නිරීක්ෂණය වන බවයි.
ඊයේ සවස් කාලයේ අදාළ නිවසේ සිටි කාන්තාකට සැමියා විසින් පහරදෙන බවට වාද්දුව පොලිසියට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත ක්‍රියාත්මකවූ පොලිස් නිලධාරීන් ස්ථානයට ගොස් පරීකෂා කිරීමේදී ඝාතනයට ලක්වූ කාන්තාවගේ සිරුර හමුවී ඇත.
තවත් කාන්තාවක් තුවාල ලබා සිටියදී කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණු බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 23ක තරුණියකි.
පවුල් ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් ස්වාමි පුරුෂයා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර, තුවාල ලබා ඇත්තේ මියගිය තරුණියගේ සහෝදරිය බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඝාතනය සිදුකළ බව කියන වයස අවුරුදු 34ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාද්දුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart