April 15, 2026

නල මාර්ගයක් පුපුරා යෑමෙන් ඇති වූ ප්‍රධාන ජල කාන්දුවක් සතියකට අධික කාලයක් තිස්සේ පවතින බවත්, එමඟින් සැළකිව යුතු ජල නාස්තියක් සිදුවන බවත් මීගොඩ උඩගේවත්ත පාර ප්‍රදේශයේ පදිංචිකරුවෝ පවසති.

ලබුගම-කලටුවාව ජලාශයෙන් ජලය බෙදා හරින නල මාර්ගයක මෙම කාන්දුව සිදුවන බව වාර්තා වේ.

කාන්දුව හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ නිවාස කිහිපයකට ජලය නොමැතිව තිබූ බවත්, අදාළ බලධාරීන්ට නැවත නැවතත් දැනුම් දී ඇතත් තවමත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පවසති.