
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකාවෙන් බිහිවුණු සුපිරි ධාවන ශූර ඩිලන්ත මාලගමුව අපේ රටේ රියදුරන්ට සහ මගීන්ට ඉතාමත් වැදගත්, ඒ වගේම ටිකක් සැර අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ඒ, එළඹෙන ජූනි 20 වැනිදා සිට ලංකාවේ අධිවේගී මාර්ගවල සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට බලධාරීන් සූදානම් වන පසුබිමකයි.
වාහනය පණගන්වන්න කලින් තමන්ගේ වාහනයේ ඉන්න හැමෝම සීට් බෙල්ට් දාලද කියලා බලන එක රියදුරාගේ වගකීමක් බවයි ඩිලන්ත කියන්නේ.
විශේෂයෙන්ම දෙමාපියන් කරන ලොකු වැරැද්දක් ගැන ඩිලන්ත මෙහිදී කනගාටුවෙන් කතාකරලා තිබුණා.
“බොහෝ දෙමාපියන් තවමත් දරුවන්ව තමන්ගේ උකුල උඩ තියාගෙන හෝ වාහනයේ පිටුපස අසුන්වල කිසිම ආරක්ෂාවක් නැතුව අරන් යනවා. අනතුරක් වුණොත් මේකෙන් දරුවන්ගේ ජීවිතවලට ලොකු අවදානමක් තියෙන්නේ. සීට් බෙල්ට් එකක් දාන එක කිසිසේත්ම කල්දැමිය යුතු නැති පුරුද්දක් කරගන්න ඕනේ.”
විදේශ රටවල මගීන් සීට් බෙල්ට් නොදැම්මොත් වගකීම බැඳෙන්නේ රියදුරාට වගේම දඩ ගහන්නෙත් රියදුරාට බව ඔහු මතක්කරලා දෙනවා.
මේ දවස්වල ලංකාවේ ලොකු ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන, වාහනවල සන්රූෆ් එකෙන් ඔළුව සහ ඇඟ එළියට දාගෙන යන අයටත් ඩිලන්තගෙන් “රතු නිවේදනයක්” ලැබෙනවා.
ඒ වගේ වැඩ බලන්න ලස්සන, Fun වුණාට, ඕනෑම මොහොතක සිද්ධ වෙන්න පුළුවන් මාරාන්තික අනතුරකට අතවැනීමක් කියලා ඔහු දැඩිව කියා සිටිනවා.
ජාතික ගමනාගමන ආරක්ෂක සභාව නිවේදනය කරලා තියෙන විදියට, ජූනි 20 වෙනිදා ඉඳන් හයිවේ එකේ යන හැම වාහනයකම ඉදිරිපස අසුන්වල පමණක් නෙවෙයි, පිටුපස අසුන්වල ගමන් කරන සියලුම මගීන්ද අනිවාර්යයෙන්ම සීට් බෙල්ට් පැළඳිය යුතුයි.
“සීට් බෙල්ට් එකක් දානවා කියන පුංචි දේ ජීවිතයත් මරණයත් අතර වෙනස තීරණය කරන්න පුළුවන්,” කියන ඩිලන්ත, පවුලේ අයගේ සහ අනුන්ගේ ජීවිත අනතුරේ නොදමා වගකීම් සහගතව පාරට බහින්න කියලා ලංකාවේ හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.
ඉතින් හයිවේ එකේ යන කට්ටිය ජූනි 20 ඉඳන් පරිස්සමෙන් හොඳේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart