March 31, 2026

රාජ්‍ය අංශය ඉලක්ක කර සතියේ එක් දිනයක් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම මගින් දළ දේශීය නිෂ්පාදිතයට සැලකිය යුතු බලපෑමක් එල්ල වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා යෝජනා කළේ ඉන්ධන පරිභෝජනය අධෛර්යමත් කිරීමට අවශ්‍ය වූයේ නම් සිදු කිරීමට තිබුණේ නිවසේ සිට රාජකාරි සිදු කිරීමට අවස්ථාව ලබාදීම බවයි.

කොවිඩ වසංගත සමයේදී පවා රට අකර්මන්‍ය නොවූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා එම කාලයේදී ද යම් ක්‍රියාදාමයක් ඔස්සේ කටයුතු සිදු කෙරුණු බව පැවසුවේය.

මෙවැනි තත්වයකදී ද සිදු කිරීමට තිබුණේ එවැනි ක්‍රියාපටිපාටියක් බව කියා සිටි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ බදාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම නිවැරදි සැලසුමක් ලෙස තමන් නොදකින බවයි.