July 22, 2026

ලෝක බළලුන්ගේ දිනය (World Cat Day) අගෝස්තු 8 වැනිදාට යෙදී තිබීමට සමගාමීව, පින්නවල සත්වෝද්‍යානයේ සිටින සුරතල් හඳුන් දිවි (Fishing Cat) පැටවුන් තිදෙනා සඳහා නිර්මාණශීලී සහ අර්ථවත් නම් යෝජනා කරන ලෙස සත්ව ලෝලීන්ට ඇරයුම් කරමින් මහජන තරගයක් සංවිධානය කර තිබේ.

ලැබෙන හොඳම නම් යෝජනා විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරා ගනු ලබන අතර, ජයග්‍රාහකයන්ට ලෝක බළලුන්ගේ දින සැමරුම් උත්සවයේදී විශේෂ ත්‍යාග පිරිනමන බව සත්වෝද්‍යාන බලධාරීහු පවසති.

පින්නවල සත්වෝද්‍යානය විසින් ලබාදී ඇති ගූගල් ෆෝම් සබැඳිය ඔස්සේ මහජනතාවට සිය නම් යෝජනා ඉදිරිපත් කළ හැකි අතර, ඒ සඳහා අවස්ථාව 2026 අගෝස්තු 7 වැනිදායින් අවසන් වේ.

ශ්‍රී ලංකාවේ දුර්ලභ ගණයේ හඳුන් දිවි පැටවුන්ගේ අනන්‍යතාවයට සහ උන්ගේ එකිනෙකට වෙනස් හැසිරීම්වලට ගැලපෙන අයුරින් නම් තබමින් මෙම විශේෂ අවස්ථාවට එක්වන ලෙස සත්වෝද්‍යාන බලධාරීහු වනජීවී ලෝලීන්ගෙන් සහ නැරඹන්නන්ගෙන් ඉල්ලා සිටිති.