
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී ත්‍රීරෝද රථයක් ගිනිබත් වෙමින් තිබියදී, එහි රියදුරා මාතර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ‘රුහුණු කුමාරි’ දුම්රියේ ගැටී මියයාමේ අභිරහස් සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීම ඊයේ (23 වැනිදා) පෙරවරු 9.00ට පමණ සිදුව ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුරලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි.
දුම්රියේ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුව වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළද, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය පවසයි.
මෙම මරණය සිදුවූ ආකාරය පිළිබඳව පොලිසියේ අවධානය කරුණු දෙකක් කෙරෙහි යොමුව ඇත.
පළමු සැකය වන්නේ, මියගිය තරුණයා සිය ත්‍රීරෝද රථයේ මාසික මුදල් (ෆිනෑන්ස්) ගෙවාගැනීමට නොහැකිව දැඩි මානසික කලකිරීමකින් පසුවී ඇති අතර, ඒ හේතුවෙන් රථයට ගිනි තබා පසුව දුම්රියට පැන සියදිවි නසාගත්තේ ද යන්න.
දෙවන සැකය වන්නේ, කිසියම් හේතුවක් මත ත්‍රීරෝද රථය ගිනිබත් වෙද්දී එය නිවීම සඳහා ජලය රැගෙන ඒමට දුම්රිය මාර්ගය හරහා දිවයාමේදී අනපේක්ෂිත ලෙස දුම්රියේ ගැටුණේ ද යන්න.
සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා කොල්ලුපිටිය පොලිසිය ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart