
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාල්ල සහ ඒ අවට ප්රදේශවල පිහිටි විහාරස්ථානවල කැට බිඳ මුදල් සොරකම් කිරීම සහ ලැගුම්ගෙවල්වලට ඇතුළු වී දේපළ සොරාගැනීමේ සිද්ධීන් මාලාවකට සම්බන්ධ 40 හැවිරිදි පොද්දල ප්රදේශයේ පදිංචිකරුවකු පසුගිය බදාදා (10) ගාල්ල වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කරාපිටිය ප්රදේශයේදී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, මකුළුව ප්රදේශයේ විහාරස්ථානයකින් සොරාගන්නා ලදැයි සැකකෙරෙන චීන යුවාන් 4,700ක්, ඇමෙරිකානු ඩොලර් 1,112ක්, රුපියල් 24,120ක මුදලක් සහ හෙරොයින් මිලිග්රෑම් 2,740ක් ඔහු සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ගාල්ල, යක්කලමුල්ල, ඉමදූව සහ ගාල්ල වරාය යන පොලිස් වසම්වල පිහිටි විහාරස්ථාන කිහිපයක කැට බිඳ මුදල් සොරකම් කිරීම් සහ ලැගුම්ගෙවල් බිඳීම්වලට මෙම සැකකරු සෘජුවම සම්බන්ධ වී ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (11) ගාල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, ගාල්ල වරාය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart