
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“සතුන්ගේ වාසස්ථාන” පිළිබඳ පාසල් දරුවන්ට ඉගැන්වීම් සඳහා කුරුලු කූඩුවක්ද රැගෙන පාසලට එන්නැයි තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ පාසලක ප්‍රාථමික අංශයේ ගුරුවරියක් යොමු කළ වට්ස්ඇප් පණිවුඩයකට ප්‍රතිචාර ලෙස ඊට පසුදා දරුවන් හතළිස් දෙනකු පමණ කුරුලු කූඩුද රැගෙන පන්තියට පැමිණ ඇතැයි වාර්තා වේ.
එම ගුරුවරිය කුරුලු කූඩුවක් රැගෙන එන්නැයි දරුවන් හැටදෙනෙකුට පමණ වට්ස්ඇප් ඔස්සේ පණිවුඩයක් යොමු කර ඇත.
ඉන් දරුවන් හතළිස් දෙනෙකු පමණ කුරුලු කූඩුද රැගෙන පාසලට පැමිණ තිබේ.
කුරුලු කූඩුවද රැගෙන තම දරුවන් පන්ති කාමරයට ඇරලවීමට පැමිණි මව්පියන් පන්ති කාමරය තුළ කුරුලු කූඩු විශාල සංඛ්‍යාවක් තිබෙනු දක්නට ලැබීමත් සමඟ ගුරුවරියගේ ක්‍රියාකලාපයට දැඩි විරෝධයක් එල්ල කර ඇත.
ස්වාභාවික පරිසරයේ ඇති කුරුලු කූඩු පිළිබඳ දරුවන්ට කියා දීමට ඒවා මේ අයුරින් කඩා විනාශ කිරීමට දරුවන්ට ඉගැන්වීම සම්බන්ධයෙන් මව්පියන් සිය කණස්සල්ල පළකර තිබේ.
ගුරුවරියකගේ මේ අනුවණ ක්‍රියාකලාපය හේතුවෙන් දරුවන් ස්වාභාවික පරිසරය පිළිබඳ ඉගෙන ගැනීම කෙසේවෙතත් කුඩා කාලයේදීම සත්ත්ව හිංසනය හා අපරාධමය ක්‍රියාවන් සඳහා පෙළඹවීමක් සිදුවන බව පවසමින් එම සිදුවීම සම්බන්ධයෙන් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කිරීමටද මව්පියන් කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ සහකාර ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලිසේන පවසා ඇත්තේ, මේ පිළිබඳ සොයා බලන බවයි.
කුඩා දරුවන් තාර්කිකව සිතනවාටත් වඩා ගුරුවරු පවසන දේ පිළිගැනීමට පෙළඹී ඇති නිසා දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මීට වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරි හෙට්ටිගේ පවසා ඇත.
පරිසරයේ පවතින කුරුලු කූඩු අතහැර දැමූ හෝ බිත්තර දැමීම සඳහා කුරුල්ලන් අලුතින් ඉදිකළ කූඩුද විය හැකි නිසා එවන් කූඩුවක් එම ස්ථානයෙන් ඉවත් කිරීම පිළිබඳ ගුරුවරු සතුව පොත පතේ දැනුමට වඩා පරිසරය ගැන අත්දැකීම්වලින් ලබාගත් දැනුමක් පැවැතිය යුතු යැයිද මහාචාර්යවරයා පෙන්වා දී තිබේ.
මේ අතර ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පවසා ඇත්තේ, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා ආඥා පනතේ 31 වැනි වගන්තිය ප්‍රකාරව කුරුලු කූඩු කැඩීම, ගලවා ඉවත් කිරීම හෝ විනාශ කිරීම නීතියෙන් වරදක් බවය.
එම පනත ප්‍රකාරව කුරුලු කූඩුද ආරක්ෂිත බව ඔහු පෙන්වා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart