
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තමන්ගේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ යැයි ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරම් සඳහන් කළේය.
මඩකලපුව ප්‍රදේශයේ දී ඊයේ (24) පැවැති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව පැවැසීය.
ඔහු එහිදී මෙසේද සඳහන් කළේය.
“ලබන ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව එකමුතු විය යුතුයි. උතුර නැගෙනහිර දෙමළ ජනතාව හොඳින් දන්නා දෙමළ ජාතිකයකුට අපගේ සහයෝගය ලබා දෙන්න ඕන.
දැන් තියෙන තත්ත්වය අනුව දකුණේ කිසිම අපේක්ෂකයකුට සියයට පනහක් ඡන්ද ගන්න බැහැ. ඒ නිසා ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙනවා. ඒ වෙලාවේ දෙමළ ජනතාවගේ දෙවන ඡන්දය අවශ්‍ය අය එක්ක අන්තර්ජාතික ප්‍රජාවේ සහය ඇතිව අපිට ගිවිසුමක් ඇති කර ගන්න පුළුවන්. අපි දැන් අවධානය යොමුකරලා තියෙන්නේ ඒ ගැනයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart