
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දීර්ඝ කාලයක සිට මෙරට පවතින අලි-මිනිස් ගැටුමට ප්‍රායෝගික සහ තිරසාර විසඳුම් ලබාදීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, වන අලින්ගේ නිදහස් සංචලනය සඳහා ප්‍රධාන අලි මංකඩවල් තුනක් වන වැටහිරකන්ද, හඳපානගල සහ කොහොලංකල නිදහස් කිරීමට රජය තීරණාත්මක පියවර ගෙන තිබේ.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ජනමාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරිණි.
විධිමත් නොවන සංවර්ධන ව්‍යාපෘති සහ දේශපාලන හිතවත්කම් මත සිදුකළ ඉඩම් වෙන්කිරීම් හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ මෙම අලි මංකඩවල් අවහිර වී තිබූ අතර, එමඟින් අලින්ගේ සාම්ප්‍රදායික සංක්‍රමණික මාර්ග ඇහිරී අලි-මිනිස් ගැටුම තවදුරටත් උග්‍ර විය.
නව රජය විසින් මේ වන විට අදාළ නීතිමය, පරිපාලනමය සහ සමාජීය ගැටලු නිරාකරණය කරමින් මෙම ඉඩම් නැවතත් වනජීවී කටයුතු වෙනුවෙන් නිදහස් කිරීමට පියවර ගෙන ඇත.
මෙම ජාතික වැඩපිළිවෙළේ තවත් පියවරක් ලෙස, වන අලින් ගම්වැදීම වැළැක්වීම සඳහා වනජීවී රක්ෂිත තුළ ‘අලි පෝෂණ කලාප’ (Elephant Feeding Zones) පිහිටුවීමට නියමිතය.
මෙම කලාප තුළ අලින්ගේ ස්වාභාවික ආහාර ප්‍රභවයන් වන තණකොළ සහ ශාක වගා කිරීමට කටයුතු කෙරෙන අතර, වියළි කාලගුණය පවතින කාලවලදී ඔවුන්ගේ ජල අවශ්‍යතා සපුරාලීම සඳහා රක්ෂිත තුළ ඇති වැව් සහ පොකුණු ප්‍රතිසංස්කරණය කිරීමට ද පියවර ගැනේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart