
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශීය රජයකින් එක්සත් ජනපදයට ලැබුණු වටිනාම තෑග්ග ලෙස කටාර් රාජකීය පවුලෙන් සුපිරි සුඛෝපභෝගී බෝයිං 747-8 ජම්බෝ ජෙට් යානයක් පිළිගැනීමට ට්‍රම්ප් පරිපාලනය සූදානම් වෙමින් සිටී.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයෙන් ඉවත් වීමට පෙර නව ‘ එයාෆෝස් වන්’ ලෙස එය භාවිත කිරීමට හැකිවනු ඇත.
ඇමෙරිකානු ජනාධිපතිවරුන් විසින් භාවිතයට ගනු ලබන ගුවන් යානය ‘එයාෆෝස් වන්’ ලෙස හැඳින්වේ.
ට්‍රම්ප් ධුරයෙන් නික්මයන අවස්ථාවේදී යානයේ අයිතිය ට්‍රම්ප් ජනාධිපති පුස්තකාල පදනමට මාරු කරනු ලබන බව වාර්තා වේ.
දැනට වාර්තා වන පරිදි ට්‍රම්ප් ඔහුගේ දෙවැනි ධුර කාලයේ පළමු විදේශ සංචාරය ලෙස ලබන සතියේ කටාර් වෙත යන විට මෙම ත්‍යාගය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart