
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක වෙළෙඳපොළේ ස්ට්‍රෝබෙරි සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් අපනයනය සඳහා ස්ට්‍රෝබෙරි වගාකිරීමේ ව්‍යාපෘතියක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අනුමත කර ඇත.
මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට දේශීය ආයෝජකයන් පිරිසක් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර එම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව, අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී පළමු අදියර යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස අමාත්‍යාංශයට අයත් නුවරඑළිය ප්‍රදේශයේ හෙක්ටයාර් එකක ඉඩමක් ලබාදීමට ද එකඟ වී ඇත.
මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත අවශ්‍ය නම් ස්ට්‍රෝබෙරි වගාව සඳහා හෙක්ටයාර් 10ක් දක්වා ලබාදිය හැකි බවට එහිදී ඇමැතිවරයා සහතික වී ඇත.
මෙරට වගා කරන ස්ට්‍රෝබෙරි නවීන තාක්‍ෂණයෙන් වගා නොකරන නිසා තවමත් අවම ඉල්ලුමක් තිබෙන බවත්, ස්ට්‍රෝබෙරි අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාව 57 වැනි ස්ථානයේ පසුවන බවත්, ඇමැතිවරයා පවසයි.
එමෙන්ම ස්ට්‍රෝබෙරි යනු ශීඝ්‍රයෙන් ඉහළ යන වාර්ෂික වෙළඳපොළක් ඇති පළතුරක් වන අතර, එය මෘදු පලතුරක් ලෙස අතිශයින් ජනප්‍රිය බව ඔහු සඳහන් කරයි.
නව තාක්ෂණය යොදාගනිමින් ස්ට්‍රෝබෙරි වගාකරන්නේ නම් එක් හෙක්ටයාරයකින් වසරකට අමෙරිකානු ඩොලර් 117,600ක පමණ ආදායමක් උපයාගත හැකිවන අතර, එක් හෙක්ටයාරයකින් කිලෝග්‍රෑම් 120,000ක අස්වැන්නක් ද ලබාගත හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart