September 27, 2026

උතුරේ මුලතිව් වැලිඔය කිරීඉබ්බන්වැව කුම්බකර්ණගල ඉපැරණි බෞද්ධ විහාරයට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරයක් වැඩම කර තිබේ.

කුම්භසාල ලෙන ලෙස පුරවිද්‍යා වාර්තාවල සදහන් වන මෙම ඉපැරැණි නටඹුන් සහිත විහාරභූමිය ගොඩ නැගීමේ කටයුතු ඉදිරියේදි නියමිත බව වාර්තා වේ.

මෙම බෝධි අංකුරය වැඩම කරවීම සිදුකර ඇත්තේ, හිටපු අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම බෝධි අංකුරය සරත් වීරසේකර වෙත ලබාදී ඇති බව පැවසෙන්නේ, බාලවයස්කාර දැරියක දූෂණය කළ බවට චෝදනා ලබා සිටින පල්ලේගම හේමරතන භික්ෂුව විසිනි.